>

About Us

අපේ අරමුණු

මව්බිම ජනතා පක්ෂය(MJP), වශයෙන් අප මෙහෙයවෙන්නේ අපේ දේශපාලන පැවැත්මේ හරය මත පදනම් වූ උත්කර්ෂවත් අරමුණු ඔස්සේය.

ක්‍රියාශීලී ජාතියක් ගොඩනැගීම: අපේ ඉලක්කය, අපේ පුරාතන ශිෂ්ටාචාරයෙන් පැනනැඟි අගනාකම් මෙන්ම අපේ පොහොසත් සංස්කෘතික උරුමයෙන් අනුප්‍රාණය ලබමින් ශ්‍රී ලංකාව අද්විතීය හා ගතිකත්වයෙන් යුතු රාජ්‍යයක් ලෙස ගොඩනැගීමය. සංවර්ධනය, නිදහස හා ප්‍රගතිය අපේ දැක්මේ ඇතුළාන්තයෙන්ම පැන නගින්නේය.

සමානාත්මතාවයෙන් යුතු ශ්‍රී ලංකාවක්: අපේ රටේ සෑම පුරවැසියෙක්ම කිසිදු වෙනසකින් තොරව සාධාරණ ලෙස සමාජ හා ආර්ථික අයිතීන් බුක්ති විඳින්නා වූ ශ්‍රී ලංකාවක් අපේ අපේක්ෂාවය.

තාරුණ්‍යය සවිබලගැන්වීම හා වයෝවෘද්ධ ප්‍රජාවට උපකාරීවීම: අපේ කැපවීම, තාරුණ්‍යය වෙනුවෙන් විවිධාකාර ක්ෂේත්‍රවල ප්‍රමාණවත් අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම වයෝවෘද්ධ හා වරප්‍රසාද නොලත් ප්‍රජාව වෙනුවෙන් උපකාරී වීම සහතික කරනු ඇත.

ජාතික පරමාධිපත්‍යය: ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික පරමාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් අපි ප්‍රතිඥා දෙන්නෙමු.

දැක්ම

‘සතුටු දැයක්’ නිර්මාණය කිරීමය.

මෙහෙවර

ශ්‍රී ලංකාව අවශ්‍යයෙන්ම සිය පුරවැසියන් භෞතිකව මෙන්ම ආධ්‍යාත්මිකවද ගොඩනඟන්නාවූ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා වන දේශපාලන පරිසරය නිර්මාණය කිරීමය. එය පෝෂණය වනු ඇත්තේ සෑමදෙයක්ම සුබවාදීව දකින්නා වූ ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේ ජීවරුධිරයෙනි.

MJP කණ්ඩායම සමග එක්වීම

පුද්ගලික තොරතුරු